කොවිඩ් 19 වෛරසය හේතුවෙන් රටතුළ උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (02) පැවැත්වේ.
ඒ අනුව හෙට පෙරවරු 10 අගමැතිවරයාගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත.
මෙහිදී දැනට කොවිඩ් 19 මර්දනය වෙනුවෙන් ගෙනඇති පියවර සම්බන්ධයෙන් පක්ෂ නායකයන් දැනුවත් කිරීමට නියමිත අතර . පළමු පක්ෂ නායක රැස්වීමේදී ගත් තීන්දු සම්බන්ධයෙන් පසුවිපරමක් සිදු කිරීමට ද නියමිතය.