නවතම පුවත්

කොරෝනා තතු ගැන බොරු කීවාට SFගෙන් CCDය ප්‍රශ්න කරයි

අසංක

අසංක

කොවිඩ්- 19 වසංගතය මෙරට තුළ පැතිර යාම වැරදි තොරතුරු ජනමාධ්‍ය හරහා ප්‍රකාශ කිරීම් පිළිබඳ හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය අද පැය දෙක දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබේ.

රට තුළ කොරෝනා වසංගතයෙන් කිසිදු මරණයක් සිදු වී නොමැති අවස්ථාවක දී මෙරට තුළ වසංගතයෙන් කිහිප දෙනෙකු මියගොස් ඇති බවට සරත් ෆොන්සේකා මහතා විසින් මාර්තු 19 වැනිදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම් කළ බව කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

ප්‍රශ්න කිරීමේදී සරත් ෆොන්සේකා මහතා පවසා තිබුණේ ෆේස්බුක් සමාජ ජාලය හා හරහා තමන්ට ලැබුණු තොරතුරක් තමා මෙලෙස ප්‍රකාශ කළ බවයි.

ප්‍රකාශය ලබාදීම සඳහා ෆොන්සේකා මහතා අද පෙරවරුවේ 11ට පමණ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පැමිණ තිබේ.

ජනතාව තුළ අනියත බියක් මෙම ප්‍රකාශය තුළින් ඇති වූ බව පවසමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ ජාලිය සේනාරත්න මහතා විසින් මීට අදාළ පැමිණිල්ල කර තිබිණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්