කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අරාබි කලාපය තුල තවමත් වේගවත්ව පවතින නමුත් වාර්ෂික හජ් වන්දනාව අද සිට ආරම්භ කිරීමට සෞදි අරාබි රජය පියවර ගෙන තිබේ.
කෙසේවෙතත් මෙම මක්කමදී හජ් වන්දනාවද දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පැවැත්වීමට බලධාරීන් පියවර යොදා ඇත.
මෙවර හජ් වන්දනාව සදහා සහභාගිවීමට ඉඩ ඇත්තේ 10,000 කට ආසන්න පිරිසක් පමණක් බවට ඇස්තමේන්තු කර ඇත. එසේම මෙවර මක්කම වන්දනාව සෞදි අරාබිය විසින් විදෙස්ගත බැතිමතුන්ට තහනම් කර තිබේ.