නවතම පුවත්

කිසිදු අයුරකින් රට බෙදන්නට ඉඩක් දෙන්නේ නෑ අගමැති අවධාරණය කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යුද්ධයෙන් ප්‍රභාකරන්ට රට බෙදිමට ඉඩ නොදුන්නා සේම ඡන්දයෙන් සම්බන්ධන්ට රට බෙදිමට ඉඩ නොදෙන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා

අගමැතිවරයා පෙන්වා දෙන්නේ උතුරට ගොස් කවුරු කෙලෙස කුමන ගිවිසුම් ගැහුවත් මෙවර මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ පොහොට්ටුව බවයි. ඒ නිසා රට බෙදීමට කිසිදු ඉඩක් නැතැයිද අගමැතිවරයා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහාතාගේ ජය තහවුරු කිරීම සදහා මිනුවන්ගොඩ සතිපොළ භූමියේ පැවති ජනහමුවේ දි අගමැතිවරයා මේ බව සදහන් කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා,

“මේ දවස්වල  රැස්වීමකට ගියාම ඒ රැස්වීම සංවිධානය කරන අපේක්ෂකයා ගැන කියවෙන්න ඕනේ. එයා ගැන හදුන්වලා දෙන්න ඕන. ඒත් අද මේ ප්‍රසන්න රණතුංග ඇමතිතුමා සංවිධානය කරන රැස්වීමේ මට එහෙම ප්‍රශ්නයක් නෑ. මොකද ප්‍රසන්නව මට අලුතින් හදුන්වලා දෙන්න දෙයක් නෑ. ප්‍රසන්න රණතුංග තමයි මෙහෙ ඉන්න ජනප්‍රියම නායකයා. 2015 අපි පරාද වුණාට පස්සේ අපිව අත් හැරලා යන්නේ නැතිව එකට ඉදගෙන බැසිල් රාජපක්ෂ මහත්තයාත් එක්ක ඉතා කිට්ටුවෙන් සම්බන්ධ වෙලා පොහොට්ටු පක්ෂය නිර්මාණය කරන්න ප්‍රධාන වැඩකොටසක් කළේ ප්‍රසන්න. ප්‍රසන්න ඒ සදහා කරපු කැප කිරීම අපත්, මේ රටේ ජනතාවත් කිසි දිනක අමතක කරන්නේ නෑ.

1946 හදපු එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගියා  1951 බණ්ඩාරනායක මහත්තයා. ඩී.ඒ. රාජපක්ෂ මහත්වරු ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැප වී කටයුතු කළා. 1970 අපි මන්ත්‍රීවරු වුණේ, මන්ත්‍රීකම් දැරැවේ, අගමැතිකම් දැරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. මට ඒක අමතක නෑ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිව  ඉවත් කළාම අපිට පක්ෂයක් හදන්න සිදු වුණා. ඒ අනුව තමයි අපි පොහොට්ටුව හැදුවේ. අද පොහොට්ටු පක්ෂය තමයි රටේ ප්‍රධාන දේශපාලන පක්ෂය බවට පත්වෙලා තියෙන්නේ.

පළාත් පාලන මැතිවරණයේ 71% ආසන ජයග්‍රහණය කරලා පොහොට්ටුව වාර්තාවක් තිබ්බා. පහුගිය ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථා කළාට පළාත් සභා තිබ්බේ නෑ. මැතිවරණ කල් දැම්මා. පළාත් සභා ජනාධිපතිවරණයේ දී 69 ලක්ෂයකින් අරගෙන අපි ජයග්‍රහණය කළා. අපි ආණ්ඩුවක් පිහිටෙව්වොත් පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබුණේ විපක්ෂයට. ජනතාවට සහන සැලසීමට ගෙන ආ යෝජනා සම්මත කර ගන්න විපක්ෂය ඉඩ දුන්නේ නෑ. ඒ නිසායි අපි මැතිවරණයකට ගියේ.

මෙරට ඉතිහාසයේ සංවර්ධනයේ ස්වර්ණමය යුගය  2005 න් පස්සේ එළඹුණු අපේ ආණ්ඩු කාලය ප්‍රසිද්ධියේ නොවුණත් ඒක විරුද්ධ පක්ෂය පවා පිළිගන්නවා. තිස් අවුරුදු යුද්ධය අවසන් කළා. බියෙන් සැකෙන් තොරව ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් රට තුළ නිර්මාණය කළා. නිදහස් ලැබුණා. යාපනයේ කෙනෙකුට දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුවටත්, පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුවේ යා හැකි වාතාවරණයක් ගොඩ නැගුවේ අපේ ආණ්ඩුවයි. අද සමහරුන්ට ඒක අමතක වෙලා. අපි ඡන්ද බලාගෙන යුද්ධය අවසන් කළේ නෑ. රට සංවර්ධනය කළෙත් නෑ. උතුරේ පළාත් සභා මැතිවරණය තියන්න හදපුවාම හුගක් අය කිව්වා ඒක කරන්න එපා කිව්වා. නමුත් උතුරට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්නනම් ඡන්දය තියන්න ඕන කියන ස්ථාවරයේ අපි හිටියේ. අපි හැමදාම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කළා. ඒක රැක්කා. අපි එහෙම කටයුතු කළ නිසයි උතුරේ අයට ඒ අයිතිය ලැබුණේ. එදා ප්‍රභාකරන්  තුවක්කුවෙන් ගන්න හදපු දේ අද සම්බන්ධන්ලා ඡන්දෙන් ගන්න හදනවා. ප්‍රභාකරන්ට යුද්ධයෙන් රට බෙදන්න ඉඩ නොදුන් අපි කිසිලෙසකින් එය  කරන්න ඉඩ දෙන්නේ නෑ. සමහරු උතුරට ගිහිල්ලා මොන ගිවිසුම් ඒ අයත් එක්ක ගැහුවත් අපේ ජයග්‍රහණය ස්ථිරයි. ඒ නිසා රට බෙදන්න කිසිදු ඉඩක් නෑ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්