නවතම පුවත්

කොරෝනා නිසා අමෙරිකාවට හදිසි තත්ත්වයක්

අසංක

අසංක

නව කොරෝනා වෛරසය පැතිරීමත් සමග අමරිකාව තුල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ.

එරට ඇතැම් විශේෂඥයන් පෙන්වා දෙන්නේ චීනය සහ ඉතාලියේ මෙන් රට තුළ ප්‍රදේශ මුළුමනින්ම වසා දැමීම මගින් මෙම තත්ත්වය පාලනය කළ නොහැකි බවයි.

කෙසේ වෙතත් කිසිදු පියවරක් ගත නොගතහොත් අමෙරිකාවේ මිලියන 240 කට අධික ජනතාවට මෙය වේගයෙන් පැතිර යනු ඇති බවත් ලක්ෂ 5ක් පමණ මිය යනු ඇති බවත් ඔවුන් අනතුරු අඟවා තිබේ.

කොරෝනා වයිරස් විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි මෙසේ පැවසීය.
“මේ වගේ දේවල් සාමාන්‍යයෙන් මාස කිහිපයකින් ඉවරයි. බලාපොරොත්තු සහගතව, අපි සියලු පාලන ක්‍රියාමාර්ග සති කීපයක් කර්නවා. ඇතැම් විට සති කීපයක් විය හැකියි. ඒ නිසා මට නිශ්චිත කාල වකවානුවක් ඔබට කියන්නට බැහැ. මන්ද එය අප කෙතරම් සාර්ථකද යන්න මත රඳා පවතිනවා.

“එය සම්පූර්ණයෙන්ම හොඳ අතට පවීමට පෙර එය වඩාත් නරක අතට හැරෙන බව නම් විශ්වාසයෙන් කිව හැකියි. මෙම අර්බුදය අවම වශයෙන් සති කිහිපයක් හෝ සමහර විට මාස 2 ක් හෝ ඊට වැඩි කාලයක් පවතී යැයි අපි විශ්වාස කරනවා.

ඉතාලියේ මෙන්ම චීනයේ මෙන් රටේ සියලු ප්‍රදේශ සම්පූර්ණයෙන්ම වසා දැමීම මගින් මෙම තත්ත්වය බැහැර නොවේ. දින සහ සති කිහිපය තුළ තත්ත්වය වෙනස් විය හැකි බැවින් අප වෙනස් වන තත්ත්වයට කඩිනම් ප්‍රතිචාර දැක්විය යුතුය.” යැයි ද ඔහු පෙන්වා දී ඇත.

නව කොරෝනා හේතුවෙන් අමරිකාවට අත්විය හැකි වඩාත් අයහපත්ම බලපෑම පිළිබඳ මෙලෙස ගණනය කර තිබේ.

  • එක්සත් ජනපදයේ මිලියන 160 ත් 214 ත් අතර ජනතාවක් ආසාදනය විය හැකිය (නරකම අවස්ථාවේදී). බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලෝලර් මිලියන 96 ක ජනතාවට මෙය බලපෑ හැකි බව දැනට අනුමාන කර ඇත.
  • මාස ගණනක් හෝ අවුරුද්දකට වඩා වැඩි කාලයක් මෙම වසංගතය අමෙරිකාව තුළ පැවතිය හැකිය.
  • පුද්ගලයන් 200,000 ත් මිලියන 1.7 ත් අතර ජනතාවක් මිය යා හැකිය. ආචාර්ය ලෝලර්ගේ ගණනය කිරීම නම් මරණ 480,000 ක් සිදුවිය හැකි බවයි.
  • සීඩීසීයට අනුව, මෙම කාලය තුළ උණ ආශ්‍රිත රෝගවලින් 20,000 ත් 50,000 ත් අතර සංඛ්‍යාවක් මියගොස් තිබේ.
  • එක්සත් ජනපදයේ මිලියන 2.4 සිට මිලියන 21 දක්වා ජනතාවකට රෝහල් ගත කිරීම අවශ්‍ය විය හැකි ය.
  • රෝහල් කාර්ය මණ්ඩල රෝහල් ඇඳන් දැනට 925,000 ක් පමණ ඇත. එයින් දහයෙන් එකකටත් වඩා අඩු ප්‍රමාණයක් බරපතල ලෙස රෝගාතුර වූ පුද්ගලයින් සඳහා ය. මේ තත්ත්වය තුළ රටේ සෞඛ්‍ය සේවා පද්ධතියම කඩාවැටිය හැක.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්