නව කොරෝනා ’ වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මිලියන 45.7කට ආසන්න පිරිසකට රැකියා අහිමි වී ඇත.
මේ බව එරට කම්කරු දෙපාර්තමේන්තුව පසුගියදා මාධ්‍ය වෙත නිකුත් කල වාර්තාවක දක්වා ඇත.
පසුගිය සතියේ පමණක් එරට මිලියන 1.5කට ආසන්න පිරිසකට රැකියා අහිමි වූ බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
මෙම තත්වය රටේ ආර්ථිකයට ඉදිරියේදී බරපතල ලෙස බලපානු ඇති බව එරට ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවා ඇත.