කොරෝනා නිසා ඇමසන් ආදිවාසීන් අතුගෑවෙයි!

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න


ඇමසන් කලාපයේ වෙසෙන ආදිවාසීන් ඇතුළු බ්‍රසීලයේ ආදිවාසී ප්‍රජාවන්, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අතුගෑවී යාමේ අවදානමක් පවතින බව බ්‍රසීල සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවා සිටී.


පෙර පටන්ම මෙම ආදිවාසී ප්‍රජාවන් අසාමාන්‍ය ලෙස ශ්වසන ආබාධවලට ගොදුරු වී සිටීම නිසා මෙම අනතුර මතුව ඇති බවද සෞඛ්‍ය බලධාරීහු පෙන්වාදේ.

මෙම ආදිවාසී ප්‍රජාවන් අතරින් පළමු කොවිඩ් ආසාදනය වාර්තා වූයේ ඇමසන් ජනපදයෙනි.

සාමාන්‍ය සිවිල් ප්‍රජාවකට කොවිඩ් මරණ නිසා සිදුවන හානියට වඩා වැඩි හානියක් මනා ලෙස සංවිධානය වූ මෙම ආදිවාසී ප්‍රජාවන් අතර රෝගය පැතිර යාමෙන් සිදුවන බවද විශ්ශඥයින් පෙන්වාදෙ.

බ්‍රසීලය තුළ සෞඛ්‍ය සේවාවන්ට අවම ප්‍රවේශය තිබෙනුයේ මෙම ආදිවාසී ජනයා හට බැවින් මේ පිළිබඳව ලෝකයේම අවධානය යොමුවිය යුතු බවද විශේෂඥයින් පවසති.