නවතම පුවත්

WHO වෙතින් ට්‍රම්ප්ට අවවාදයක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වෛරසය දේශපාලනීකරණය නොකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටේඩ්රෝස් අඩනම් මහතා අවධාරණය කර සිටී.

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් , පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයට එරෙහිව නැගු චෝදනාවන්ට පිළිතුරු දෙමින් අධ්‍යක්ෂ ජනරාල් වරයා මේ බව සඳහන් කර ඇත.

එසේ කොරෝනා වෛරසයට අදාළ කරුණු දේශපාලනීකරණය කළහොත් සිදුවන්නේ තවදුරටත් මිනිසුන් අකාලයේ මියයාම වන බවත් ,අධ්‍යක්ෂ ජනරාල්වරයා ජිනීවා හිදී පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කර සිටියේය .
කොරෝනා අර්බුදයෙන් මිදීම සඳහා රටක් තුල එකමුතුකම හාඑක්සත්භාවය පැවැතිය යුතු බවත් ජනරාල්වරයා පැවසීය .

ට්‍රම්ප් ජනපතිවරයා ඉදිරිපත්කල චෝදනා ප්‍රතික්ෂේප කල ජනරාල්වරයා සඳහන් කලේ ලෝක සෞඛ්‍ය සංවිධානය සාධාරණව හා අපක්ෂපාතීව කටයුතු කල බවයි .

එසේම තවදුරටත් මෙම වෛරසයෙන් ලෝකය ගලවා ගැනීම සඳහා හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් , ජනරාල්වරයා මෙහිදී සඳහන් කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන ආධාර නතර කිරීම මේ මොහොතේ සුදුසු ක්‍රියාවක් නොවන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහීදී සිහිපත් කර ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්