කොරෝනා වෛරස ව්‍යාප්තිය භේතුවෙන් මතුව තිබෙන මූල්‍ය අර්බුදයත් සමඟ මේ වනවිටත් ඕස්ට්‍රේලියාවේ ලක්ෂ 06කට පමණ රැකියා අහිමි වී තිබෙන බව එරට අගමැති ස්කොට් මොරිසන් මහතා අනාවරණය කර ඇත.
ඒ අනුව කොරෝනා නව ආසාදිතයින්ගේ ප්‍රමාණය අඩු වුවද ඉදිරි ආර්ථික දුෂ්කරතා වෙනුවෙන් රටම සූදානම් විය යුතු බව ඔහු එරට මාධ්‍ය හමුවේ අද සඳහන් කර ඇත .
ඉදිරි කාලය ඉතා අපහසු වුවත් එකිනෙකාට උදව් කරගැනීමට මතක තබා ගත යුතු බවද අගමැතිවරයා මෙහිදී සඳහන් කර ඇත.
කෙසේවෙතත් ඉදිරියේදී අඛණ්ඩව වෛරසයේ ව්‍යාප්තියේ පහත වැටුණහොත් අදියර තුනක් යටතේ රට යළි විවෘත කිරීමට අගමැතිවරයා තීරණය කර ඇත.