කොරෝනා නිසා පළාත් පාලන ආයතන වලට රජයෙන් විශේෂ සහන

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මූල්‍ය ගැටලුවලට මුහුණ දී ඇති පළාත් පාලන ආයතන සඳහා විශේෂ සහන සැලසීමට රජය තීරණය කර ඇත.
,පළාත් පාලන ආයතනවලින් 50% ක් පමණ කොරෝනා ව්‍යාප්තියත් සමග ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන්

මූල්‍ය ගැටලුවලට ලක්ව ඇති බවත් ඒ අනුව මෙම සහන වැඩසටහන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කර සිටී .

මෙරට ක්‍රියාත්මක පළාත් පාලන ආයතන සංඛ්‍යාව 347 ක් වන අතර එම ආයතනවලට වූ මූල්‍ය ගැටලු පිළිබඳ

වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙස උපදෙස් දී අහි බවත් අමාත්‍යංශය සඳහන් කර ඇත .

පළාත් පාලන කොමසාරිස්වරුන් මාර්ගයෙන් එම වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව අදාළ සහන සැලසීම ක්‍රියාත්මක කෙරේ .