ගෝලීය වසංගත තත්ත්වය හමුවේ බ්‍රිතාන්‍යයේ අතමංවී සිටි ශ්‍රී ලාංකිකයින් 194 දෙනෙක් අද අළුයම දිවයිනට පැමිණ තිබේ.
අද අළුයම 3.05 ට පමණ මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේ බ්‍රිතාන්‍යයේ හීත්රෝ ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 504 දරණ විශේෂ ගුවන් යානයෙනි.
මෙම ගුවන් මගීන් ව්‍යාපාරික පංතියේ 18 දෙනෙකු , පිරිමැසුම්දායක පංතියේ 176 දෙනෙකු මෙලෙස පැමිණියහ.
ඔවුන් ගුවන් තොටුපළ තුළට පිවිසීමට පෙර විෂබීජහරණය කිරීමකට ලක් කෙරුණි.
ඔවුන් සියලු දෙනා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නීරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.