කොරෝනා නිසා මැරුණේ 900යි – 3000කට සුවයි

Picture of අසංක

අසංක

නව කොරෝනා වෛරසය අසාධනය වී රෝගී තත්වයෙන් සිටි පුද්ගලයින් 3283 දෙනෙකු මේවනවිට සම්පූර්ණ සුවය ලබා සිටින බව වාර්තාවේ.

කෙසේ වෙතත් මේ වනවිට මෙම වෛරසය හේතුවෙන් මරණයට පත්ව ඇති පුද්ගල සංඛ්‍යාවද අද දින වනවිට 910 දක්වා ඉහල ගොස් ඇත.

වෛරසය හේතුවෙන් ඊයේ දිනය තුල පමණක් පුද්ගල මරණ 98ක් වාර්තා වී තිබේ.

වෛරසය ව්‍යාප්තිය ආරම්භයත් සමඟ එක්දිනකදී වාර්තා වූ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව මෙයවේ.

නව කොරෝනා නියුමෝනියාව ලෙස මේ වනවිට හඳුන්වන මෙම වෛරස් රෝගය ආසාදිත වූ පුද්ගලයින් ගණන අද වන විට 40,000 ඉක්මවා ඇති අතර එම රෝගය වැළඳී ඇති බවට සැකකෙරෙන 187,000ක් පමණ වෛද්‍ය උපදෙස් යටතේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.