නවතම පුවත්

කොරෝනා නිසා මිලියන 130 කට වැඩි ජනතාව සාගතයකට ගොදුරු වෙයි – WHO

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව කොරෝනා වෛරසය හේතුවෙන් 2020 වර්ෂය අවසන් වනවිට ලොව පුරා තවත් මිලියන 130කට අධික

ජනතාවක් බොහෝ කලක් පවතින සාගතයකට මුහුණදෙනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊයේ (13දා) නිකුත් කරන ලද වාර්තාවක් පවසයි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ලෝකයේ ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණ තත්ත්වය පිළිබඳ

සිය නවතම සංස්කරණය ප්‍රකාශයට පත් කරමින්, එය වසංගතය ‘ගෝලීය ආහාර පද්ධතිවල අනාරක්‍ෂිතතා සහ අඩුපාඩු තීව්‍ර කරයි’ යනුවෙන් ඉදිරිපත් කර තිබේ.

නව කොරෝනා වෛරසය මගින් ඇති කරන ලද ආර්ථික අවපාතයේ ප්‍රතිඵලයක් ලෙස

2020 දී අවම වශයෙන් තවත් මිලියන 83ක හෝ උපරිම මිලියන 130ක් ඉක්මවූ ජනතාවක් කුසගින්නෙන් පෙළෙනු ඇතැයි වාර්තාව ගණන් බලා තිබේ.

2019 දී මිලියන 690ක් පමණ කුසගින්නෙන් පෙළෙන බව වාර්තාව ගණන් බලා තිබේ. එය

පෙර වසරට වඩා මිලියන 10කින් ඉහළ ගොස් ඇති අතර නව කොරෝනා වෛරසය නිසා තවත් මිලියන 130ක් ඉක්මවූ ජනතාවක් කුසගින්නෙන් පෙළෙනු ඇතැයි කියැවෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්