නවතම පුවත්

කොරෝනා නිසා රටවල් 160ක පාසල් පද්ධතියම අඩාලයි

අසංක

අසංක

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිට ලෝකයේ රටවල් 160කට අධික සංඛ්‍යාවක පාසල් පද්ධති සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති බවත් ඒ අනුව අධ්‍යාපනය පදනම් කරගත් විශාල ව්‍යයසනයක් ලෝකය පුරා මතුවී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කර සිටී.

එසේම මෙම තත්වය මත, පාසල් යාමට නොහැකිව නිවෙස් වලට වී සිටින සිසු සිසුවියන්ගේ සංඛ්‍යාව කෝටි 100 ඉක්මවන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් මහතා මාධ්‍ය වෙත අනාවරණය කර ඇත.

අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන දුරස්ථ අධ්‍යාපන ක්‍රමව්දයන්ද සාර්ථකව ඇත්තේ පහසුකම් සහිත දියුණු රටවල් කිහිපයක පමණක් බවත් ලොව පුරා බහුතරයක් රටවල , එම අධ්‍යාපන ක්‍රමයද අසාර්ථක වී ඇති බවත් මහලේකම්වරයා පෙන්වාදී ඇත.

විශේෂයෙන්ම අප්‍රිකානු හා ලතින් ඇමෙරිකානු රටවල මෙම සුරස්ත අධ්‍යාපන ක්‍රමවේද සම්පූර්ණයෙන්ම අසාර්ථකවී ඇති බවද ඔහු අවධාරණය කර ඇත.

මේ වනවිට ලොවපුර රටවල් රාශියක අලුත් පාසල් වාර ආරභ්කිරීමට නොහැකිවීම නිසා , අලුතින් පාසල් යාමට බලාපොරොත්තුවෙන් සිටි 70 ලක්ෂයක පමණ සිසු පිරිසකට එම අවස්ථාවද මගහැරී ඇති බව ජගත් මහලේකම්වරයා පෙන්වාදී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්