නව කොරෝනා වෛරසය හමුවේ ආර්ථිකය බිඳ වැටීම වැළැක්වීම සඳහා රුසියාවේ ඉහළ ආදායම් ලබන අය සඳහා
බදු අනුපාත 2%කින් ඉහළ නංවන බව රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් පවසයි.
ඒ අනුව, ඇ.ඩොලර් 73,000ක ආදායම මත බදු අනුපාතය 13% සිට 15% දක්වා ඉහළ යනු ඇතැයි ඔහු පැවසීය.
2001 දී පැතලි බදු අනුපාතයක් හඳුන්වා දීමෙන් පසුව රුසියාවේ සිදු වූ පළමු බදු වැඩිවීම වන අතර,
රුසියානු නායකයා නව කොරෝනා වෛරසයේ ආර්ථික බිඳවැටීම මැඬපැවැත්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බවත් එරට රුසියානු රජය කියයි.
නව කොරෝනා වෛරසය යටතේ තවත් දරුණු බලපෑමකට ලක්වූ රුසියාවේ මේ වනවිට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව
ලක්ෂ 6ක සීමාවට පැමිණ ඇති අතර, ලෝකයේ වැඩිම ආසාදිතයන් වාර්තා වන ලැයිස්තුවේ තෙවැනි ස්ථානය ගෙන ඇත්තේ රුසියාවයි.
එසේම නව කොරෝනා වෛරසය හේතුවෙන් රුසියාවේ මේ වනවිට පුද්ගල මරණ 8,349ක් වාර්තා වී ඇත.