කොරෝනා වසංගතය හේතුකොට ලොව පුරා මිලියන සියයකට අධික ජනකායක් , අන්ත දුගීභාවයට ඇදවැටී ඇති බව ලෝක බැංකුව නිකුත් කල නවතම වාර්තාවක දැක්වේ.
මෙය දශක තුනකට ආසන්න කාලයක් අතරතුර ලොව සිදුවූ බරපතලම ආර්ථික පසුබෑම වන බවද ලෝක බැංකු වාර්තාව අවධාරණය කර ඇත .
මෙම වාර්තාව සැකසීමේදී ලෝක බැංකුව , අන්ත දුගී භාවය ලෙස වර්ග කර ඇත්තේ , දිනකට ඇමෙරිකානු ඩොලර් 1.90 කට වඩා අඩු අදායමක් උපයන පුද්ගලයින්වය . එසේත් අන්තිනම් වසරකට ඩොලර් 700 කට වඩා අඩු අදායමක් ලබන පිරිස්ය .
මේ වනවිට මෙසේ අන්ත දුගීභාවයෙන් පෙලෙන් පුද්ගලයින් මිලියන 700 ත් 729 අතර ප්රමානයක් ලොව වෙසෙන බවද ලෝක බැංකුව ගණන් බලා ඇත . එය පසුගිය වසර අවසානයේ පැවතියේ මිලියන 615 ක අගයක බවද මෙම වාර්තාව පෙන්වාදේ.