නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 හේතුවෙන් ලොව පුරා මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද දහවල වනවිට හය ලක්ෂය ඉක්මවා ගියේය.
අද පස්වරු 5 වනවිට මෙම වෛරසයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 605615 ලෙස දැක්විණ , එසේම ආසාධිතයින්ගේ සංඛ්‍යාව 14,452,519 ලෙස දැක්විණ.
මේ වනවිට මෙම වෛරසයෙන් මියගිය පුද්ගලයින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. එම සංඛ්‍යාව 142881කි.
බ්‍රසීලයෙන් මරණ 78817ක් වාර්තා වන අතර ඉන්දියාවෙන් වාර්තා වන මරණ ගණන 26817ක් වේ.