කොරෝනා නිසා ලෝකයේ ආහාර හිඟ පිරිස දෙගුණයකින් ඉහළට

Picture of අසංක

අසංක

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මේ වසර තුලදී ලොව පුරා , ආහාර හිඟයෙන් පෙලෙන පුද්ගලයින් ගණන පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයකින් ඉහළ යා හැකි බවට එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවා සිටී .

ඒ අනුව, පසුගිය වසරේදී මිලියන 135 ක් ලෙස සටහන් වූ ලොව කුසගින්නෙන් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව මේ වසරේදී මිලියන 265 දක්වා ඉහළ යා හැකි බව එම වැඩසටහනේ නවතම සමීක්ෂණ වාර්තාවල සඳහන්වේ .

ලොව රටවල් 55 කට අයත් පුද්ගලයින් මෙම අර්බුදයට මුහුණ පානු ඇතැයි අපේක්ෂා කෙරෙන. අතර වැඩිම බලපෑමක් එල්ලවිය හැකි රටවල් ලෙස නම් කර ඇත්තේ යේමනය සහ සුඩානයයි.