කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් මේ වනවිට ලොවපුරා ඇතිව තිබෙන තත්වය සාකච්ඡා කිරීම සඳහා ලොව ප්‍රබල රටවලින් සමන්විත ජී-20 කණ්ඩායමේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇත.
සෞදි ආරාබිය ජී-20 කණ්ඩායමේ වත්මන් සභාපතිත්වය දරන අතර ඒ අනුව සෞදි අරාබියේ සත්කාරකත්වයෙන් මෙම සමුළුව පැවැත්වෙන බව වාර්තා වේ
ජී-20 සාමාජිකත්වය දරන රටවලට අමතරව තවත් රටවල් කිහිපයක සහ ජාත්‍යන්තර සංවිධාන කිහිපයක නියෝජිතයන්ටද මෙම විශේෂ සමුළුව සඳහා ආරාධනා කර ඇත.
ස්පාඤ්ඤය, ජෝර්දානය, සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය එම රටවල් අතර වේ. මීට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක වෙළඳ සංවිධානය යන සංවිධානවල නියෝජිතයන්ද මෙම සමුළුව සඳහා සහභාගිවීමට නියමිතව තිබේ.