නවතම පුවත්

කොරෝනා පැතිරුණු චීනයේ ලාංකික සිසුන් පිරිසක් – ලංකාව තවම ආරක්ෂිතයි

අසංක

අසංක

චීනයෙන් හදුනාගත් මාරාන්තික කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති වුහෑන් නගරයේ පිහිටි විශ්වෙවිද්‍යාලයක ශ්‍රී ලාංකික සිසුන් 30කට ආසන්න පිරිසක් අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින බව වාර්තා වෙයි.

ඔවුන්ගේ විස්තර බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය මාර්ගයෙන් ලබාගැනීමට නියමිතය.

එමෙන්ම එහි සිටින ශ්‍රී ලාංකිකයන් අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රමවේද සම්බන්ධයෙන් දැනුවත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

චීනයේ බීජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා මෙම දැනුවත් කිරීම් සිදුකර ඇත.

වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තර අවධානයෙන් පසුවන බව ද විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර මෙරටින් මෙතෙක් කොරෝනා වෛරසය ආසාදිතයින් හඳුනාගෙන නැතැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසීය.

වෛරසය හඳුනාගැනීමට ගුවන්තොටුපළෙයි විශේෂ යන්ත්‍ර 3ක් ස්ථාපනය කර ඇත.

චීනයෙන් හඳුනාගත් කොරෝනා වෛරසය මේවනවිට තායිලන්තය හා අමෙරිකාවෙන්ද වාර්තා වී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්