කොරෝනා පිට පළාත්වලට පැතිරීම 50% කින් වර්ධනය වෙලා – GMOA

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බස්නාහිරින් පිට පලාත් වල  කොරෝනා වෛරසය පැතිරීම 50%ට අධික ප්‍රමාණයකින් වැඩිවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී .

බස්නාහිර පළාත තුළ වැඩි වශයෙන් පැතිරී ගිය කොරෝනා වෛරසය මේ වනවිට පිට පළාත්වලට ද මෙසේ වේගයෙන්  පැතිර යමින් තිබීම බරපතල තත්වයක් බව  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර සිටී ..

සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ එසේ ව්‍යාප්ත වන වෛරසයේ සංකූලතාවද වෙනස්වී ඇති බවය.