කොරෝනා පොකුරු පරීක්ෂණ ඇරඹේ

Picture of අසංක

අසංක

 

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් තහවුරු කර ගැනීම අද සිට පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරමින් පොකුරු පරීක්ෂණ ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකය ප්‍රකාශ කර සිටී.

කොළඹ බණ්ඩාරනායක මාවත හා පිළියන්දල යන ප්‍රදේශයන්ගෙන් වාර්තා වන අසදිතයින්ගේ ස්වභාවය අනුව මෙලෙස පරීක්ෂණ වැඩි කරමින් පොකුරු පරීක්ෂණ සිදුකරනබව එම ඒකකය සඳහන් කර ඇත.

බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ විශාල ජනතාවක් සිටින අතර ඔවුන් ඇඳිරි නීති සමයේද එකිනෙකා හමු වී ඇති නිසා සමස්තයක් ලෙස පරීක්ෂණ වැඩි කිරීමට සිදු ව ඇත.

මේ අතර එම ප්‍රදේශයෙන් සිමා නොවී ඉන් ඔබ්බටද මේ රෝගය ව්‍යාප්ත වී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහාද පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවද වාර්තාවේ