නවතම පුවත්

කොරෝනා බලපෑම සාර්ස් ඉක්මවයි – ක්‍රිස්මස් දූපත ‘කොරෝනා දූපතක්’ වෙයි

අසංක

අසංක

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට සාර්ස් වෛරසය බලපෑ රෝගීන්ගේ සංඛ්‍යාව ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වේ.

කොරෝනා වෛරස් හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව එකසිය තිස් දෙකක් දක්වා ඉහළ ගොස් ඇත.

එම වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 6000ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එක්සත් අරාබි එමිර් රාජ්‍යය එමීර් රාජ්‍යයේ පළමු කොරෝනා වෛරසය ආසාදිතයා අද වාර්තා වී තිබේ.

එම පුද්ගලයා ද වුහාන් ප්‍රදේශයෙන් පැමිණි අයකු බවට තහවුරු වී ඇත.

මේ අතර චිනයේ වූහාන්හි සිටින තම ජනතාව ගෙන්වාගැනීමට චීන රජය සමඟ රටවල් ගණනාවක් සාකච්ඡා කර තිබේ.

මේ අනුව අමරිකාව, ඕස්ට්‍රේලියාව, මැලේසියාව ආදී රටවල් ගණනාවක් චීන රජයෙන් ඉල්ලා ඇත්තේ ගුවනින් තමයි රටවල ජනතාව ගෙන්වීමට අවශ්‍ය අවසර ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත් වුහාන් හි සිටි ඇමරිකානුවන් 240ක් රැගත් ගුවන් යානය අද පෙරවරුවේ දී ගුවන් හමුදා මූලස්ථානය වෙත හරවා යැවීමට අමරිකානු රජය කටයුතු කළේය. මීට පෙර සැලසුම් කර තිබුණේ ඔන්ටාරියෝ හි පිහිටි ජාත්‍යන්තර ගුව තොටුපල වෙත ඔවුන් ගෙන ඒම සඳහා යි. නමුත් පසුව එම ගුවන් තොටුපලට සැතපුම් තිස්පහක් පමණ ඈතින් පිහිටි ගුවන් හමුදා මූලස්ථානය වෙත එම ගුවන් යානය හරවා යවා තිබිණ.

ඔස්ට්‍රේලියාව විසින් තම ජනතාව වූහාන් වෙතින් ගුවනින් ගෙන ඒමට කටයුතු යොදා ඇති අතර වෛරසය ආසාදිත යැයි තහවුරු වන සියළුම රෝගීන් ක්‍රිස්මස් දූපත වෙත නිරෝධායනය සඳහා ගෙන යාමට ගෙන යාමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව දින දාහතරක් තිස්සේ ක්‍රිස්මස් දූපතේ ආසාදිත රෝගීන් නිරෝධායන කිරීමට නියමිතය. ඒ අනුව ක්‍රිස්මස් දූපත නිරෝධායන කලාපයක් ලෙස නම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය කටයුතු කරයි.

ඔස්ට්‍රේලියාවට අයත් දූපතක් වූ ක්‍රිස්මස් දූපත මෙතෙක් කලක් ක්‍රියාත්මක වූයේ අනවසරයෙන් ඕස්ට්‍රේලියාව කරා පැමිණෙන පුද්ගලයින් රඳවා තැබීම සඳහායි.

නමුත් 2018 වසරේ දී එම කඳවුරේ මුළුමනින්ම වසා දැමීමට ඔස්ට්‍රේලියානු රජය කටයුතු කළේය.

පැපුවා නිව්ගිනියාව මේ වන විට ආසියාවේ ඕනෑම වරායකින් පැමිණෙන සංචාරකයන් සඳහා රට තුළට ඇතුළු වීම අද සිට මුළුමනින්ම අත්හිටුවා තිබේ.

මේ අතර චීනයේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර යැවූ සහ මුඛ ආවරණ අධික මිලකට අලෙවි කළ වෙළඳුන් සහ සැකකරුවන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට වාර්තා පවසයි.

මුඛ ආවරණ අධික මිලකට අලෙවි කර එක් ෆාමසි වෙළෙන්දෙකුට යුආන් මිලියන 3 ක දඩයක් ද නියම කර ඇත.

වසංගත තත්වය හමුවේ මුඛ ආවරණ ඉතා අධික මිලකට අලෙවි කිරීමේ සිද්ධීන් දින දින ම වැඩි වැඩියෙන් වාර්තා වන බව එරට වාර්තා පවසයි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්