කොරෝනා බෝ නොවෙන්න ඖෂධීය පානයක් බොන්න ටැන්සානියාව සූදානමින්

Picture of අසංක

අසංක

නව කොරෝනා ආසාධනයට ප‍්‍රතිකාරයක් ලෙස ශාකමය ඖෂධීය පානයක් සුදුසු බව ටැන්සානියාවේ වෛද්‍ය විශේෂඥයින් කණ්ඩායමක් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව එම පානය විශාල වශයෙන් ,ආනයනය කිරීමටද ටැන්සානියාව සූදානම් වෙමින් සිටී.

මැඩගස්කරය මෙම ශාකමය ඖෂධීය පානය නිෂ්පාදනය කරන ප්‍රධානතම රාජ්‍යයක් වන අතර එරටින් මෙය ආනයනය කිරීම සඳහා ටැන්සානියාවේ ජනාධිපතිවරයා දැනටමත් කටයුතු යොදා ඇත.

මෙම ශාකමය ඖෂධීය පානය නිපදවා ඇත්තේ මැලෙරියාව සඳහා වන ප‍්‍රතිකාර සඳහා යොදා ගැනෙන ශාකයක කොටස්වලිනි.

කෙසේවෙතත් මෙම ශාකමය ඖෂධීය පානය නව කොරෝනා ආසාධනයට ප‍්‍රතිකාරයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ දක්වාත් පිළිගෙන නොමැත.