නවතම පුවත්

කොරෝනා මඬින්න දේශීය වෛද්‍ය ක්‍රමයට ප්‍රතිකාර පද්ධති 5ක් – සායනික පරීක්ෂණ ප්‍රමාදයි

අසංක

අසංක

කොරෝනා වෛරසයට එරෙහිව දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයෙන් ප්‍රතිකාර පද්ධති 05ක් පමණ ඉදිරිපත් කර ඇතත් ඒවා සම්බන්ධයෙන් නිසි ලෙස සායනික පරීක්ෂණ පවත්වා ඒවා සම්බන්ධයෙන් නිසි තහවුරුවක් ලබා ගැනීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව, දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් කටයුතු කර නොමැති බව ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය චෝදනා කර සිටී

එහි සභාපති වෛද්‍ය ප්‍රසාද් හෙන්දාවිතාරණ මහතා අද (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ ඕනෑම වෛද්‍ය ක්‍රමයක් තුළින් ඖෂධ සොයා ගැනීමට අවස්ථාව විවෘතව තිබිය යුතු බවය.

මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

”මේ වන විට ධම්මික බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ඖෂධය අතිරේක ආහාරයක් ලෙස නම් කර ඇති අතර එය ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිද නැද්ද යන්න පිළිබඳ සායනික පරීක්ෂණ කඩිනම් කළ යුතු වෙනවා. ඒ වගේම තමයි මෙවැනි ඖෂධයක් රෝගී කෙනෙකුට දීලා සුවපත් වුණත් එයින් දීර්ඝ කාලින බලපෑමක් තියෙනවද කියල බලන්නත් ඕනේ. කොහොම වුණත් දේශීය ඖෂධ වට්ටෝරු ගැන ජනතාව බිය විය යුතු නැහැ. දේශීය ඖෂධ වට්ටෝරු ඕනෑ තරම තියෙනවා. මේ වගේ වෙලාවක ඉක්මණින් සයකනික පරීක්ෂණ කිරීමයි වදගත් වෙන්නේ.”

කෙසේවෙතත් ධම්මික බණ්ඩාර නැමැත්තා විසින් ඉදිරිපත් අකර තිබෙන ඖෂධය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා බටහිර වෛද්‍යවරු කණ්ඩායමකට භාර දී තිබෙන අතර ඊට දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන්ද එක් කරගත යුතු බව හෙන්දාවිතාරණ මහතා අවධාරණය කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්