නවතම පුවත්

කොරෝනා මඬින ඕස්ට්‍රේලියානු එන්නත සාර්ථකයි

අසංක

අසංක

 

කොරෝනා වෛරසයට එරෙහිව ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් කණ්ඩායමක් විසින් නිපදවමින් සිටින සිටින එන්නත , එම වෛරසය නිෂ්ක්‍රීය කිරීමට හැකි ප්‍රතිදේහ ගොඩනැංවීමට සමත්ව ඇති බව පූර්ව සායනික පර්යේෂණ වලදී තහවුරු වී ඇත.

මේ අනුව එම එන්නත ලබන ජූනි මාසයේදී මිනිසුන් යොදා අත්හදාබලීමටද සැලසුම් කර ඇති බවද එම පර්යේෂකයින් ජාත්‍යන්තර මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

මෙම එන්නත නිපදවීමේ කටයුතු , මේ වනවිට ඉතා සාර්ථක මට්ටමක පවතින බවත් , එමගින් ගොඩනංවන ප්‍රතිදේහ , කොරෝනා රෝගයෙන් සුවපත් වූවන්ගේ ශරීරයන්හි නිපදවෙන ප්‍රතිදේහයන්ටද වඩා ඉදිරියෙන් ඇති බවත් මෙම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය පෝල් යන්ග් මහතා මෙහිදී සඳහන් කර ඇත.

එන්නතට අදාළ සායනික පර්යේෂණද කඩිනමින් ආරම්භ කරන බවද පෝල් යන්ග් මහතා පවසා සිටී .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්