කොරෝනා මැඬලන මෙහෙයුම් කඩාකප්පල් කරන්න ඉන්දියාවේ අන්තවාදී කැරැල්ලක්

Picture of අසංක

අසංක


ඉන්දියාවේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩසටහන් කඩාකප්පල් කිරීමට අන්තවාදී ආගමික සංවිධානයක් ක්‍රියාත්මක වනවාද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා එරට බුද්ධි අංශ හා ආරක්ෂක අංශ මේ වනවිට විශේෂ විමර්ශනයක් දියත් කර ඇත.

මෙවන් අන්තවාදී සංවිධානයක් පිළිබඳව එරට බුද්ධි අංශ වෙත දැනටමත් යම් තොරතුරු කිහිපයක් වාර්තාවී ඇති බවත් , ඒ අනුව එම තොරතුරු ඔස්සේ වැඩි දුර විමර්ශනයන් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය ආරක්ෂක අංශ කටයුතු යොදා ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කර සිටී .

දිල්ලි නුවර නසමුදීන් ප්‍රදේශයේ පැවති නීති විරෝධී ආගමික රැස්වීමක් , පිළිබඳවද මේ වනවිට ඉන්දියාව තුල විශාල ආන්දෝලනයක් මතුව ඇති අතර දහස් ගණනක් රැස්වූ එම රැස්වීම හරහා කොරෝනා වෛරස ව්‍යාප්තිය විශාල ලෙස සිදුවූ බවට ඉන්දීය බලධාරීන් මේ වනවිට තහවුරු කර ගෙන ඇත.

එම රැස්වීම පිටුපසද මෙම ආගමින අන්තවාදී කල්ලිය ක්‍රියාත්මක බව ඉන්දීය බුද්ධි අංශ වෙත වාර්තාවී ඇත.

මෙම කල්ලියට සම්භන්ධ ඇතැම් කොටස් ශ්‍රී ලංකාව තුලද සිටින බවත් , එම කොටස් ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට ඇතුළුවන බවටත් ඉන්දීය බුද්ධි අංශ සැක පහල කර ඇත .

ඒ අනුව එම අන්තවාදී කල්ලිය මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමගද තොරතුරු හුවමාරු කර ගැනීමට ඉන්දීය බුද්ධි අංශ බලාපොරොත්තුවේ