කොරෝනා වසංගතයේ දැඩි බලපෑමකට ලක්ව තිබුනද,අපේ‍්‍රල් සහ ජූනි ඇතුළත, දළ ජාතික නිෂ්පාදනයේ 20.1% ක වර්ධනයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත්ව තිබේ.
මෙය එක් කාර්තුවක පෙන්නුම් කළ ඉහළම වර්ධන ප‍්‍රතිශතය බව පැවසේ.
පසුගිය වසරේ මෙම කාර්තුවට සාපේක්ෂව, ආර්ථිකයේ සෑම ක්ෂේත‍්‍රයකම වර්ධනයක් මෙම කාර්තුව තුළ සිදුව තිබෙන බව පැවසේ.
වසංගතය හේතුවෙන් පසුගිය වසරේ දී බිද වැටී තිබුණු නිෂ්පාදන සහ ඉදිකිරීම් ක්ෂේත‍්‍රය මේ වසරේදී දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
නිෂ්පාදන ක්ෂේත‍්‍රය පසුගිය වසරට සාපේක්ෂව 49.6 කින් ද, ඉදිකිරීම් ක්ෂේත‍්‍රය 69.3% කින් ද ඉහළ ගොස් තිබේ.
පසුගිය වසරේ දී පවා ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය, මේ වසරේ දී තවදුරටත් 4.5%කින් වර්ධනය විය.