නවතම පුවත්

කොරෝනා මුල හොයන්න සහයවෙන්න අමෙරිකාව යළි චීනයෙන් ඉල්ලයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වෛරසයේ ප්‍රභවය සොයා ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකරන පරීක්ෂණයේ දෙවන අධියර සදහා අවශ්‍ය සහය ලබාදෙන ලෙස ඇමෙරිකාව  යළිත් චීනය වෙත අවධාරණය කරඇත .

ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ජෙන් පාස්කි සදහන් කර ඇත්තේ ඇමරිකාව මෙම ඉල්ලීම සිදුකරන්නේ යළිත් ⁣මෙවැනි වසංගත තත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සදහා බවය.

කොරෝනා වෛරසයේ ප්‍රභවය සොයා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදුකෙරන පරීක්ෂණයේ දෙවන අධියර නුදුරැ දිනවලදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත

ඒ යටතේ රෝගය මුලින්ම වාර්තා වූ වුහාන් නගරය කේන්ද්‍ර කරගත් දත්ත සහ පළමු වටයේ ආසාදිතයන් පිළිබද දත්ත ලබාදෙන ලෙස චීනය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇතත් මේ දක්වා එයට සාර්ථක ප්‍රතිචාරයක් ලැබී නැත

අදාළ දත්ත සම්පූර්ණයෙන්ම හුවමාරැ කර ගැනීම පුද්ගලිකත්වයට ගැටලු ඇති කරන බවත් , මෙි වනවිටත් විද්‍යාව මගින් මෙම ගැටලුව විසදා ඇති බවත් චීන විශේෂඥයන්ගේ අදහසවී ඇත .

මේ හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ඇමරිකානු ඇතුළු රටවල් ගණනාවක් ද මෙම පරීක්ෂණය සදහා සහය දෙන්නැයි නැවත නැවතත් චීනය වෙත ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටී ..

මෙි පිළිබද වැඩිදුරටත් අදහස් දක්වමින් ධවල මන්දිරය මාධ්‍ය ලේකම්වරිය ප්‍රකාශ කර ඇත්තේ චීනයේ හැසිරීම,වගකීම් විරහිත සහ භයානක එකක් බවය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්