කොරෝනා මෘතදේහ භූමදානයට මාර්ගෝපදේශ සැකසීම සංකීර්ණයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා මෘතදේහ භූමදානය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සකස් කිරීම සංකීර්න ක්‍රියාවලියක් බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කර සිටී .

මෙහිදී    කරුණු රැසක් පිළිබඳ සැලකිල්ලට ගත යුතු බවත ඒ සඳහා යම් කාලසීමාවක්  යනු ඇති බවත් ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය  .

කොරෝනා මෘතදේහ භූමදාන මාර්ගෝපදේශ ඇතුළත් මූලික කෙටුම්පතක් සකස් කිරීමට තීරණය කර ඇති බවත් ., අදාළ අවසන් චක‍්‍රලේඛය නිකුත් කරන තෙක් කොරෝනා මරණ භූමදානයට අවසර හිමි නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය .