පැතුම් වික්‍රමරත්න
කොරෝනා වයිරසය නැවත වරක් ව්‍යාප්ත වීම හේතුවෙන් දකුණු කොරියාවේ සෝල් අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල පාසල් වසා දමන්නැයි එරට බලධාරීහු ඊයේ(14) නියෝග කර ඇත .
ඒ අනුව අද (15) දිනයේ සිට සෝල් අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල පාසල් වසා දැමෙනු ඇති අතර මෙම තත්වය යටතේ දකුණු කොරියාවේ අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල පාසල්වල ඉගැන්වීම් කටයුතු මේ මාසය අවසන් වන තෙක් අන්තර්ජාලය මාර්ගයෙන් පැවැත්වෙනු ඇත.
නව කොරෝනා වයිරසයේ පළමු රැල්ල ව්‍යාප්තිය පාලනය කරගැනීමේදී සාර්ථක වූ රටක් ලෙස ලොව පිළිගැනුණු දකුණු කොරියාව මේ වනවිට වයිරසයේ තෙවැනි රැල්ලට මුහුණ දී සිටියි. දැන් උද්ගතව තිබෙන තත්ත්වය දකුණු කොරියාව තුළ වයිරසය පැතිර යෑමෙන් පසු ආරම්භ වූ නරකම තත්ත්වය යැයි ද වාර්තා වේ.