නවතම පුවත්
උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බන්ධනාගාරවල තදබදය අඩු කිරීමට  මාර්ගෝපදේශ සහ උපදෙස් අවස්ථා දෙකකදී පොලිස්පතිවරයාට දුන් බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පවසයි.
නව නීතිපති දෙපාර්තමේන්තු කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් නීතිපතිවරයා මේ බව සඳහන් කළේය.
පළමුව පසුගිය අප්‍රේල් මාසයේ ද තමා එම උපදෙස්  ලබාදුන් බවත් එය ක්‍රියාත්මක වුයේ නම් මහර බන්ධනාගාර ගැටුම සිදුනොවීමට ඉඩතිබූ බව ඔහු කියාසිටී.
එම අවස්ථාවේ අදහස් දක්වමින් නීතිපති දප්පුල ද  ලිවේරා පැවසුවේ, “මම මේ වසංගත සමයේ පොලිසියට අවස්ථා කිහිපයකදී උපදෙස් ලබාදුන්නා.  අවස්ථා දෙකකදී බන්ධනාගාරයේ සිටින වැඩි පිරිස අඩු කරන්න කියලා. මම අප්‍රේල් මාසයේදී ඉතා තදින්ම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන ලෙසට. නමුත් පොලිස්පතිවරයා විසින් ඒ මාර්ගෝපදේශ හා උපදෙස් කිසිවක් ක්‍රියාවට නංවා නැහැ ඊට හේතුව මට අපැහැදිලියි. නැවතත් මම ඒ ගැන විමසුවා ඒ අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් මගෙන් ඉල්ලීමක් කළා පොලිසියට උපදෙස් ලබාදෙන්න බන්ධනාගාරයේ සිටින වැඩි පිරිස අඩු කිරීමට. එම උපදෙස නොවැම්බර් මස අග වන විට ක්‍රියාවට නංවනු ලැබුවා. නමුත් අවාසනාවට මේ සිදුවීම ඇති වෙන්නේ නැහැ මගේ උපදෙස අප්‍රේල් මාසයේදී ක්‍රියාත්මක කළා නම්. “
 ඊයේ උදෑසන අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ නීතිපති දප්පුල ලිවේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණේ ශ්‍රේෂ්ඨාධිකරණ අසල අධිකරණ මාවතේ ඉදි කර ඇති නීතිපති දෙපාර්තමේන්තු කාර්යාල ය.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්