කොරෝනා වෛරසය යළිත් මෙරටට ඇතුළුවීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටී.
මේ අනුව දකුණු කොරියාවේ සිට පැමිණෙන පුද්ගලයින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන බවද වසංගත රෝග විද්‍යා ඒකකයේ ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මාධ්‍ය වෙත අද සඳහන් කළේය.
අද උදෑසන වනවිට කොරෝනා බවට සැකකෙරෙන රෝගීන් 4 දෙනෙකු මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබන බව ද ඔහු පැවසුවේ ය.
කොරෝනා ව්‍යාප්තියත් සමග දකුණු කොරියාවේ කර්මාන්තශාලා කිහිපයක් වසා දමා ඇතැයි දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
ඇතැම් පිරිස්වලට නිවාඩු ලබාදීමට ද පියවර ගෙන ඇත.