නවතම පුවත්

කොරෝනා රෝගියෙක් මියගිය පසුවත් වෛරසය පවතින බවට හෙළිදරව්වක්

අසංක

අසංක

කොරෝනා වෛරස ආසාධිතයකු මියගිය පසුවද එම තැනැත්තාගේ රුධිරය තුල එම වෛරසය යම් කාලසීමාවකට රැදී තිබිය හැකි බව ඇමෙරිකානු විශේෂඥවරුන් පිරිසක් අවධාරණය කර ඇත.

ඒ නුව එම රොගියකු මියගිය පසුවද එම මෘත දේහයේ ඇති රුධිරය ඇතුළු තරලයන් තුල වෛරසය රැදී තිබිය හැකි බවත් ඒ අනුව ඊට අදාළ මරණ පරීක්ෂණ සිදුකිරීමේදීද වෛද්‍ය කාර්ය මණ්ඩල ප්‍රවේශම් විය යුතු බව අධිකරණ වෛද්‍ය විද්‍යාව පිලිබඳ විශේෂඥවරියක වන වෛද්‍ය ජූඩි මෙලිනික් මහත්මිය ප්‍රමුඛ විශේෂඥ කණ්ඩායමක් ජාත්‍යන්තර මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

ඒඩ්ස් , ක්ෂයරෝගය හෙපටයිටිස් වැනි භයානක රෝග සමගද තමා කටයුතු කර ඇති නමුත් කොරෝනා වෛරසය ඊට වඩා වෙනස්වන බවත් , එම වෛරසයට කිසිදු ප්‍රතිකාරයක් නමැති අතරම එය මෘත දේහයක් තුලද යම් වෙලාවක් රැදී පවතින බව මෙලිනික් මහත්මිය මෙහිදී සඳහන් කර ඇත .

ඒ අනුව කොරෝනා රෝගයෙන් මියගිය පුද්ගලයින්ගේ මරණ පරීක්ෂණ සිදුකිරීමේදී වඩාත් වැඩි ආරක්ෂක පියවරයන් ගත යුතුව ඇති බවද වෛද්‍යවරිය ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් (Times of Israel.) පුවත් පතට ප්‍රකාශ කර ඇත.

මේ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් සම්භන්ධව මරණ පර්යේෂණ සිදු නොකිරීමට මේ වනවිට ඇමෙරිකානු වෛද්‍ය ආයතන රැසක් නිර්දේශ කර ඇති බවල මෙලිනික් මහත්මිය මෙහිදී අනාවරණය කර ඇත.

එසේම එම රෝගයෙන් මියගිය බවට සැකකෙරෙන පුද්ගලයින් සම්භන්ධව සිදුකෙරෙන මරණ පර්යේෂණ සම්භන්ධවද මේ වනවිට විශේෂ අවධානයක් යොමු කරලිය යුතුව ඇති බව ය ඇය සඳහන් කර ඇත.

“ඇමරිකාව තුල මේ එනවිට වේගයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වනවා. එමනිසා ඇතැම් විට කොරනා වෛරසය හේතුවෙන් මියගිය බවට තහවුරු නොවුනතං, වෙනත් හේතු මත මියයන පුද්ගලයින් තුල පවා මෙම වෛරසය තිබෙන්න පුළුවන්. මෙය සංකීර්ණ තත්වයක් , වෙනත් රෝගයකින් මියගියත් , එසේත් නැතිනම් සියදිවි හානි කරගත් අයෙකු වුවත් , ඔවුන් කොරෝනා අසාධිතයින් වීමේ හැකියාවක් තිබෙනවා, ඒ අනුව මරණ පර්යේෂණ සිදුකිරීමේදී සමස්තයක් වශයෙන් අප ගන්න ආරක්‍ෂිත ක්‍රියාමාර්ග වැඩි දියුණු කල යුතුව තිබෙනවා ” යයිද මෙලනික් මහත්මිය මෙහිදී සඳහන් කර ඇත.

මේ වනවිට ඇති නවීනතම උපකරණ හා ආරක්ෂක මෙවලම් ආරක්‍ෂිත ඇඳුම් හාවිතා කිරීමටද තම කණ්ඩායම කටයුතු යොදා ඇති බවත් ඇය මෙහිදී සඳහන් කර ඇත.

එසේම කොරෝනා වෛරස අසධිතයෙකු හෝ එසේ සැකකරන අයෙකුගේ මරණ පර්යේෂණයක් සිදුකිරීමේදී අඩු කැපුම් සංඛ්‍යාවකින් එම පර්යේෂණය සිදුකිරීම පිළිබඳවද තම කණ්ඩායම එකඟතාවයකට පැමිණ ඇති බව ඇය සඳහන් කර සිටී.

ලෝකය පුරා විසිර සිටින අධිකරණ වෛද්‍ය නිලධාරීන් සමග අත්දැකීම් බෙදා ගනිමින් ,එම ක්ෂේත්‍රයේ නියුතුවූවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව කතිකාවක් ආරම්භ කර ඇති බවත් ඒ හරහා නිශ්චිත ක්‍රියාපටිපාටියක් සකස් කර ගැනීමට පියවර ගන්න බවද අයමෙහිදී අවධාරණය කර ඇත.

ඒ හරහා ක්ෂේත්‍රයේ සිය සගයින්ගේ මෙන්ම ඔවුන් වටා සිටින දහස් ගණනකගේද ජීවිතාරක්‍ෂාව තහවුරු කිරීම තම අපේක්‍ෂාව බවද ඇය පුවත්පතට සඳහන් කර ඇත.

කෙසේ වෙතත් තම අදහස් දැක්වීම අවසානයේ මෙලිනික් ද පොදු ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ හැකිතාක් නිවසට වී සිටින ලෙසය .

” සමහරවිට මේ දවස්වල සුපිරි වෙළඳ සලකට යන එක මෘත ශාරීරාගාරයට යනවාට වඩා භයානක විය හැකි” යැයි ඇය සඳහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්