කොරෝනා රෝගීන්ට එකදිගට ප්‍රතිකාර කළ වෛද්‍යවරයෙක් මරුට

Picture of අසංක

අසංක

චීනයේ හුනාන් ප්‍රාන්තයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කල සොන් යින්ජියේ නමැති 27 හැවිරිදි වෛද්‍යවරයා හෘදයාබාධයකින් මිය ගොස් ඇතැයි වාර්තා වේ.

ජනවාරි 25 වැනි දින සිට අඛණ්ඩව රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙහි යෙදී සිටීම හේතුවෙන් දැඩි වෙහෙසට ලක්වීම මෙම මරණයට හේතුවක් වන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහු හුනාන්හි කොරෝනා වයිරස නිරීක්ෂණය කිරීමේ කමිටුවේ ප්‍රධානියා ලෙසද ක්‍රියා කළ බව පැවසේ.