කොරෝනා වෛරස රෝගයේ ප්‍රධානතම රෝග ලක්ෂණයක් ලෙස ගඳ සුවඳ නොදැනීම සහ රසය නොදැනී යාමේ තත්වය හැඳින්විය හැකි බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් සිදුකල නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
ඒ අනුව මෙතෙක් එම රෝගයේ රෝග ලක්ෂණ ලෙස සලකන ලද උණ , කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව යන තත්වයන්ට මෙම නව රෝග ලක්ෂණයද එක්කල යුතුව ඇති බව ලන්ඩනයේ කිංස් කොලෙජ් හි පර්යේෂණ කණ්ඩායම සඳහන් කර ඇත.
කොරෝනා රෝග ලක්ෂණ සහිත හාර ලක්ෂයක් දෙනා (400,000) යොදාගෙන මෙම පර්යේෂණය සිදුකර ඇති අතර එහිදී එම වෛරසය අසාධනය වූ බවට තහවුරු වූ පුද්ගලයින්ගෙන් 20%කට ආසන්න ප්‍රමාණයකට මෙම ගඳ සුවඳ නොදැනීම සහ රසය නොදැනීම යන තත්වයන් මතුව ඇත.
ඒ අනුව කොරෝනා අසාධනය වන්නන්ගෙන් දළ වශයෙන් 2/3 ක්, එනම් 59%ක් දෙනා ගඳ සුවඳ සහ රසය නොදැනීමේ ලක්ෂණය පෙන්වා ඇති බවද විද්‍යාඥයින් කණ්ඩායම පෙන්වාදී ඇත.