කොරෝනා රෝගීන් හමුවූයේ මෙරටින් ගිය යානයක් නොවේ

Picture of අසංක

අසංක

 

කොරෝනා රෝගීන් 23 දෙනෙකු වාර්තාවී ඇති ශ්‍රී ලන්කන් ගුවන්යානය මැදපෙරදිග සිට චීනය බලා ගුවන් මගීන් රැගෙන ගිය ගුවන් යානයක් වන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කර සිටී .

ඒ අනුව එම මගීන් මෙරට සිට පිටත්ව ගිය පිරිසක් නොවන බවත් , ඒ පිළිබඳව අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැති බවත් එම ගුවන් සේවය සඳහන් කර සිටී

චීනය බලා ගිය ශ්‍රිලන්කන් ගුවන් යානයක සිටි මගීන් 23 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට චීනයේ මාධ්‍ය වාර්තා කර තිබිණ .

ඒ අනුව චීනයේ ෂැංහයි නුවර බලා පැමිණෙන ශ්‍රීලන්කන් ගුවන් සේවා යානයන් සති 04 ක කාලයක් අත්හිටුවීමටද පියවර යොදා ඇති බව වාර්තාවේ .