කොරෝනා රෝගීන් 80%ක් සුව වේවි – WHO

Picture of අසංක

අසංක

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරස රෝගය වැළදී ඇති රෝගීන්ගෙන් සියයට 80 ක පමණ පිරිසක් රෝගයෙන් සුවය ලබනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමාන කර සිටී.

මෙම වෛරස රෝගයේ මරණ අනුපාතය සියයට දෙකක මට්ටමේ තවමත් පවතින බවත් සාර්ස් , හා මාර්ස් වැනි වෛරස්වලට සාපේක්ෂව මෙම කොරෝනා වෛරසයේ මරණ අනුපාතය ඉදිරියේදී තවදුරටත් පහල යා හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත.

රෝගය වෙනුවෙන් මේ වනවිට නව ඖෂධ වර්ග හඳුන්වාදෙමින් ඇති බැවින් ඉදිර්යේදී රෝගයෙන් සුවය ලබන්නන්ගේ සංඛ්‍යාව ඉහල යනු ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇත.