නවතම පුවත්

කොරෝනා ලෝක වසංගතයක් බව WHO ප්‍රකාශයට පත්කරයි

අසංක

අසංක

කොවිඩ් 19 හෙවත් කොරෝන වෛසරය ලෝක මට්ටමේ වසංගත තත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇත.

මේ වනවිට ලෝකයේ රටවල් බහුතරයක් වෛරසයේ බලපෑමට නතුවීම හේතුවන් සහ රටවල් රැසකින් මරණ වාර්තා වීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම තීරණයට එළඹ තිබේ.

කෙසේ වෙතත් මෙම පියවර ගැනීම සඳහා මෙතෙක් ප්‍රමාදවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සිවිල් සංවිධාන සෞඛ්‍ය සංවිධානය වෙත අප්‍රසාදය පළකර තිබේ.

ඊට හේතුව වී ඇත්තේ මෙම වෛරසය ලෝක ව්‍යාප්ත මට්ටමට පැමිණෙන බවට කල්තියා දැන සිටියද, වෛරසය යුරෝපය ඇතුළු බටහිර රටවල් දක්වා පැමිණෙන තෙක් වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම කල් දැමූ හෙයිනි.


මේ වනවිට මෙම වෛරසය හේතුවෙන් මියගිය ප්‍රමාණය 4027 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 3136 ක් චීන ජාතිකයන් වන අතර මීට අමතරව වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වන්නේ ඉතාලියෙනි.

එම ප්‍රමාණය 463 ක් වන අතර කෙසේ වෙතත් මරණ ප්‍රමාණය ඉහළ යන වේගය අතින් ඉතාලිය චීනයට වඩා ඉදිරියෙන් සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්