නවතම පුවත්

කොරෝනා වසංගත සමයේ ගැබිනි කතුන්ට උපදෙස්

අසංක

අසංක

ගර්භණී කාන්තාවන් සඳහා උපදෙස් කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා වීමට හා පාලනයට ගත යුතු පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය විසින් ලබාදෙන උපදෙස් මාලාව පහත දැක්වේ.

  1. ගර්භණී බව තහවුරුවුණු ඔබ තවමත් සායනික සේවා සඳහා ලියාපදිංචි වී නොමැති නම් ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය හෝ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය වෙත දුරකතනයෙන් අමතා ඒ බව දැනුම් දෙන්න.
  2. ගර්භණී කාලය මාස 8 ක් (සති 32 ක්) හෝ ඊට වැඩි සියලුම ගර්භණී කාන්තාවන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය දුරකතනයෙන් අමතා සායනයට ඔබ පැමිණිය යුතු දිනය සහ වේලාව දැන ගන්න.
  3. ඔබගේ ගර්භණි කාලය මාස 8 කට අඩු නම් සහ පහත රෝග තත්ත්ව තිබේ නම් පමණක් ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය දුරකතනයෙන් අමතා ඔබගේ වත්මන් තත්ත්වය පිලිබඳ විස්තර කර සායනයට යාමට දිනයක් සහ වේලාවක් දැන ගන්න. * දියවැඩියාව * අධික රුධිර පීඩනය * හෘද රෝග * ශ්වසන ආබාධ * වෙනත් අපහසුතාවයක් ඇත්නම්
  4. හැකි සෑම විටම නිවසේ රැඳී සිටින්න. අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වලකින්න – උදා. උත්සව සහ වෙළදසැල් වෙත යාම.
  5. වැඩි විස්තර 1999 සුවසැරිය අංකය අමතා හෝ ඔබගේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය මාර්ගයෙන් හෝ ලබා ගත හැක.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්