පැතුම් වික්‍රමරත්න
දකුණු අප්‍රිකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග එරට තුල මත්පැන් අලෙවිය සම්පූර්ණයෙන් තහනම් කිරීමට එරට රජය පියවර ගෙන ඇත .
ඒ අනුව රට තුල සියලුම තැබෑරුම් වසා දැමීමටද රජය කටයුතු කර ඇත .
මෙම සීමාවන් පනවමින් එරට රජය සඳහන් කර ඇත්තේ වෛරස ව්‍යාප්තියත් සමග රට ඉතා භයානක තැනකට ගමන් කරමන් ඇති බැවින් මෙම පියවරයන් ගත් බවයි .
මීට අමතරව රාත්‍රී 9 සිට උදෑසන 6 දක්වා එරට පුරා ඇඳිරි නීතිය බල පැවැත්වේන අතර .අදාළ කාලය තුළ නිසි අවසරයකින් තොරව කිසිවෙකුටත් සිය නිවෙස්වලින් බැහැරට යාම තහනම් වනු ඇත
පසුගියදා නව කොරෝනා වෛරස් ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනීමත් සමග එරට රෝහල් මෙන්ම ප්‍රතිකාර මධ්‍යස්ථානවලට එන රෝගීන් සංඛ්‍යාව ද සීඝ්‍රයෙන් වැඩි වී ඇතැයි වාර්තා වේ.
මේ වන විට දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන කොරෝ්නා මරණ සංඛ්‍යාව 26000 ඉක්මවා ගොස් තිබේ.