කොරෝනා වැළඳීම නිසා චීනයේ සෞඛ්‍ය සේවකයන් 6ක් මරුට – 1700කට ආසාදිතයි

Picture of අසංක

අසංක

නව කොරෝනා වෛරසය හෙවත් covid2019 වෛරසය ආසාදනය වීම හේතුවෙන් චීනයේ සෞඛ්‍ය සේවකයන් හය දෙනෙකු මියගොස් තිබේ.

චීනයේ වෛද්‍යවරු වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් 1700 කට අධික පිරිසකට නව කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි චීනය පවසයි.

මෙම කරුණු අනාවරණය වී ඇත්තේ පසුගියදා මිය ගිය චීනයේ කොරෝනා වෛරසය පිළිබඳ අනතුරු ඇඟවීම් කළ පළමු වෛද්‍යවරයාගේ මියයාමත් සමග ඇති වූ මහජන ආන්දෝලනය හමුවේ ය.

මෙම තත්ත්වය හේතුවෙන් චීවය හේතුවෙන් චීනයේ රෝහල්වල වෛද්‍ය හෙද සෞඛ්‍යය සේවක හිඟයක් මතුවීමේ අවදානමකට මුහුණ දී ඇතැයි එරට වාර්තා අනාවරණය කරයි.