කොරෝනා වෛරසය ආසාධනය වී දින හයකින් පමණ පසු එම ආසාධිතයාගෙන් වෛරසය තවත් අයෙකුට සම්ප්‍රේෂණය වීමේ හැකියාව අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය ) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කර සිටී.
විශේෂයෙන්ම විශේෂයෙන්ම රෝග ලක්ෂණ රහිත ආසාධිතයින්ගෙන් මෙසේ දින හයක් පමණ ගතවූ පසු , එම වෛරසය වෙනත් අයෙකුට බෝ වීම සිදුනොවන බව දැනට විශේෂඥ මතය වන බවද හේරත් මහතා මාධ්‍ය වෙත අද පැවසීය .
රෝග ලක්ෂණ රහිත පුද්ගලයින් දින 14කට පසු PCR පරීක්ෂණයක් නොකරම නිදහස් කිරීමට තීරණය කර ඇත්තේ ඒ අනුව බවත් ඔහු මෙහිදී පැවසීය
කෙසේ වෙතත් මෙහිදී උපරිම ආරක්ෂාව ලබා ගැනීම සඳහාත් අනවශ්‍ය අවදානමක් නොගැනීම සඳහාත් මේ සෑම කෙනෙක්ම තවත් දින 14කට නේවාසික නිරෝධයනකට ලක්කරන බවද ඔහු පැවසී