නව කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සෙබළුන් 08 දෙනෙකු
වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 18 වන දින
එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
මෙම නාවික පුද්ගලයින් සියළු දෙනාම වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර,
ඔවුන්ගෙන් තුන් දෙනෙකු (03) වැලිකන්ද රෝහලින්ද, දෙදෙනෙකු (02) හෝමාගම රෝහලින්ද, දෙදෙනෙකු (02) අයිඩීඑච් රෝහලින්ද,
එක් නාවික පුද්ගලයෙකු කාත්තාන්කුඩි රෝහලින්ද ප්‍රතිකාර ලබා ගන්නා ලද අය වන අතර,
තවද නාවික හමුදා පුද්ගලයින් 8දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන්
නාවික හමුදා සාමාජිකයන් 756 ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර, රෝහල් වෙතින් පිටත්ව ගිය
සියළුම නාවික පුද්ගලයින් හට සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි