නවතම පුවත්

කොරෝනා වෛරසය ආසාදිත බවට සැක 17ක් මෙරට රෝහල්වල

අසංක

අසංක

කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට සැකසහිත රෝගීන් 17 දෙනෙකු මේ වනවිට මෙරට රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කර සිටී.

ඔවුන්ගේ රුධිර සහ ඛේට සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යවා ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අප වෙබ් අඩවිය වෙත සඳහන් කළේය .

මේ අතර කොරෝනා වෛරසය අසාදනය වී බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාවගේ ජෛව සාම්පල වැඩිදුර විමර්ශන සඳහා හොංකොං වෙත යැවීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

මේ අතර කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් 25 ත් 30 ත් අතර සංඛ්‍යාවකගේ රුධිර සහ ඛේට සාම්පල මේ වනවිට වෛද්‍ය පර්යේෂණ ආයතනය පරීක්ෂාවට ලක් කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා