අපනයන භාණ්ඩ ඇසුරුමක තිබී සජීවී නව කොරෝනා වෛරස සාම්පලයක් හදුනාගැනීමට චීන වසංගත රෝග පාලන මධ්‍යස්ථානය සමත්ව ඇත.
භාණ්ඩ ඇසුරුමක් මත තිබී සජීවී නව කොරෝනා වෛරසය සොයාගත් ලොව පළමු අවස්ථාව මෙය බව චීන සෞඛ්‍ය අංශ සඳහන් කර ඇති අතර , මේ පිළිබඳව තවදුරටත් පර්යේෂණ පැවැත්වීමට වහා කටයුතු කරන බවද චීන විශේෂඥයින් මාධ්‍ය වෙත සඳහන් කර ඇත.
මෙම සුවිශේෂී සොයාගැනීම සිදුකර ඇත්තේ එරට ක්වින්ඩාවෝ නගරයෙන් පසුගිය දින කිහිපයේදී කොවිඩ් ආසාදිතයින් කිහිපදෙනෙකුම හදුනාගැනීමෙන් පසුව සිදුකළ පර්යේෂණයකින් අනතුරුවය.
මෙසේ වෛරසය හදුනාගෙන ඇත්තේ ශීත තත්ත්වයෙන් පැවති භාණ්ඩ ඇසුරුමක් මත තිබියදී වන අතර චීන . බලධාරීන් විශ්වාසය පළකරන්නේ වෛරසය පවතින එම පෘෂ්ඨ ස්පර්ශකිරීමෙන් ක්වින්දවෝ හි අදාළ පුද්ගලයින් මෙසේ රෝගී වන්නට ඇති බවය.