කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු තුළ එම වෛරසය සක්‍රීයව පවතින්නේ දින 5 ක පමණ කාලයක් බව මේ වනවිට අනාවරණ වී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි .
කොරෝනා ආසාදිතයින්ගේ නිරෝධායන කාලය සතියක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇත්තේ ඒ අනුව බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේය .
මීට පෙර මෙම වෛරසය ශරීරය තුල පවතින කාලසීමාව පිළිබඳව නිශ්චිත අදහසක් නොතිබූ , නමුත් නවතම පර්යේෂණ හරහා මේ පිලිබඳව කරුණු අනාවරණය වී ඇති බවද ඒ මහතා පැවසීය .