නවතම පුවත්

අඩසියවසකදී මෙරට කතුන්ගේ අවිවාහකව සිටින වයස වැඩිවෙයි – පිරිමි එහෙමමයි

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ අඩසියවසකට වැඩි කාලයක් තුළදී කාන්තාවන්ගේ අවිවාහකව සිටින වන සාමාන්‍ය වයස වැඩිවී තිබේ.

එහෙත් පිරිමි පුද්ගලයන්ගේ අවිවාහකව සිටින වන සාමාන්‍ය වයස වෙනස් වී නොමැති තරම් ය.

මේ බව අනාවරණය වී ඇත්තේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කරන ලද සමික්ෂණ විශ්ලේෂණයක් මතය.

අවිවාහකව සිටින සාමාන්‍ය වයස යනුවෙන් අදහස් කෙරෙන්නේ වයස අවුරුදු 50ට පෙර විවාහ වන පුද්ගලයන් සාමාන්‍යයක් ලෙස අවිවාහකව ගත කළ අවුරුදු ගණන ය.

1946 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා කාලය තුළ වූ වෙනස්කම් පමණක් මෙහිදී සළකා බලා ඇත.

කෙසේවෙතත් එම කාලය තුළ මෙරට කාන්තාවන් අවිවාහකව සිටින සාමාන්‍ය වයස අවුරුදු 20.7 සිට 23.4 දක්වා වෙනස් වී ඇත.

නමුත් එම කාලපරිච්ඡේදය තුළ පිරිමින් අවිවාහකව සිටින සාමාන්‍ය වයස බොහෝදුරට නොවෙනස්ව පැවතී ඇත.

එනම් අවුරුදු 27.0 සිට 27.2 දක්වා පමණක් ඉතාම සුළු අගයකින් එය වෙනස් වී තිබේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්