කොරෝනා වෛරස් පරීක්ෂාව කළ හැකි උපකරණ 20,000ක් චීනයෙන්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න


පී.සී.ආර් හෙවත් කොරෝනා වයිරස් පරීක්ෂාව ඉතා සාර්ථකව සිදුකල හැකි උපකරණ කට්ටල 20000 කට අධික ප්‍රමාණයක් මෙරටට ලබාදීමට චීන රජය පියවර ගෙන ඇත.

ඒ අනුව එම පී සී ආර් යන්ත්‍ර 20064 ක් රැගත් විශේෂ ගුවන් යානයක් අද රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණෙනීමට නියමිත බව වාර්තාවේ.

මේ හරහා මෙරට තුල සිදුකෙරෙන වෛරස පරීක්ෂාවන් සංඛ්‍යාව වැඩිකර ගත හැකිවනු ඇති බව චීන තානාපති කාර්යාලය සඳහන් කර සිටී.


මීට අමතරව තවත් තොගයක්ද ශ්‍රී ලංකාවට ලබාදීමට චීන රජය කටයුතු යොදා ඇති බව චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.