කොරෝනා වෛරසයට එරෙහි සටනට සහය ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය වෙත ඩොලර් මිලියන 4.5 ක ආධාර මුදලක් ලබාදීමට , අමෙරිකානු රජය එකඟතාව පළකර ඇත.
එම ආධාර මුදල් විද්‍යාගාර පද්ධති සුදානම් කිරීමටත් , කොරෝනා වෛරස පරීක්ෂාවන් සඳහා මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළ තාක්ෂණික කටයුතු සඳහාද ලබා දීමට අමෙරිකානු රජය බලාපොරොත්තුවේ .
මෙරට කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වු තැන් පටන් අමෙරිකාව විසින් ගෝලීය වශයෙන් ඩොලර් මිලියන 775 කට අධික මුදලක් ලොව පුරා රටවල් වෙත හදිසි අවස්ථා සඳහා ලබා දී ඇතැයි ද ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කර ඇත